ලංකාවේ English උගන්වන පාරම්පරික ක්‍රම සහ මොඩ syllabus ගැන ගප්පියා හෙන ඔරොප්පුවෙන් ඉන්නේ. ගප්පියා try කරන්නේ අලුත් ක්‍රම පාවිච්චි කරලා කඩ්ඩ ලෙසියෙන් ගොඩ දාන්න කියලා දෙන්න.

ගප්පියා ඉස්කොලේ හැම වෙලේම try කරනවා update වෙන්න. පාරම්පරික tution class වගේ එක තැන පල් වෙන ආයතන ගප්පියා පිලිගන්නේ නැ.

ගප්පියා ඉස්කොලේ ගොඩක්ම සුදුසු English බැරි නිසා සමාජයේ නොයෙකුත් අවස්ථා වල කොන් වෙලා ඉන්න අයට.

ගප්පියාට කිසිම ආකාරයේ Degree එකක්, ගුරු පුහුණුවක් හො අනෙක් ආකාරයේ සුදුසු කමක් නැ. ගප්පියා ඉපදුනේ ලංකාවේ සාමනය පවුලක. ගප්පියා Aussie ගිහින් තනියම කඩ්ඩ හදා ගත්ත ඩයල් එකක්. ඒ හොයා ගත්ත දැනුම බෙදා ගන්න එක තමා මේ ඉස්කොලෙන් කරන්නේ.